විශ්වය ෙසායා ෙනානිමි ගමනක.....

විශ්වය සොයා නොනිමි ගමනක......

Wednesday, May 4, 2011

ඇරඹුම

ලෝකයේ දියුණුයැයි සම්මත බොහෝ රටවල් අද වන විට විශ්වය පිළිබඳව ලබා ඇති දැනුම අප්‍රමාණය.ඵ් හා සැසඳීමේදී ශ්‍රී ලාංකිකයන් ලෙස අප ලබාඇති දැනුම ඉතා අල්පය.මේ සියවස විශ්වයේ බොහෝ වෙනස්කම් සිදුවන සියවසක් ලෙස හදුනාගෙන ඇති අතරම පෘථිවියට ඵහා ජීවී ලෝකයක් පිළිබඳවද වැඩි අවධානයක් යොමුවඇත.





ඵපමනකදු නොව පිටසක්වල ජීවීන් පියාබන පීරිසි වැනි දේ පිළිබඳව නාගරික මෙන්ම ග්‍රාමීය ජනයාගේද දැනුම යම් ආකාරයකින් ‍‍මේවනවිට සරල පසුබිමක් තුළ ග්‍රහණය වී ඇත.විශේෂයෙන් පාසල් විෂය නිර්දේශයට අමතරව සිසු සිසුවියන් අතර මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා අතරද ඇති උනන්දුව අති මහත්ය.


නාසා ආයතනය ඇතුළු ග්‍රහලෝක,ග්‍රහවස්තු හා විශ්වය පිළිබදව නිතර ගවේෂණ කටයුතු සිදු කරන ආයතන,පුද්ගලයින් පමනක් නොව තාරකා විද්යා සංගම්,විශ්වවිද්‍යාල හරහා ඒ පිළිබඳව වැඩිදුරටත් හැදෑරිය හැක.


අනන්තයක් නොමැති ‘විශ්වය’ යනු දැනුම් සම්භාරයකි.වර්ථමානය වැඩි වැඩියෙන් දැනුම සොයා යන සමයකි. සැදෑ අහස තරමටම චමත්කාර වූ විශ්වය ඉතා සංකීර්ණ වූත් සුවිසල් වූ අධ්‍යයනයක් බැවින් මා ප්‍රයත්න දරන්නේ ඉන් අල්පමාත්‍රයක් හෝ ඹබට ලබා දීමටයි.