විශ්වය ෙසායා ෙනානිමි ගමනක.....

විශ්වය සොයා නොනිමි ගමනක......

තාරකා විද්‍යා‍ව කියන්නෙ මොකක්ද.....?

රාත්‍රී අහස දෙස ඔබ නෙත් යොමන විට නොයෙකුත් ග්‍රහ වස්තු දැකිය හැකිය.ග්‍රහලෝක තාරකා ඉන් ප්‍රධාන වන අතර උල්කාපාත, වල්ගා තරුද ඉඳහිට දැකිය හැක.එයින් පිටත ජීවයක් පවතින වස්තූන් ද වේ.එවන් වූ වස්තූන් පිළිබඳව අධ්‍යයනය කිරීම තාරකා විද්‍යාවයි.දිවා රෑ ඇති වීම,වඩදිය බාදිය ඇති වීම,තාරකා වලින් රටා නිර්මාණය,සූර්යග්‍රහන,චන්ද්‍රග්‍රහන,වැනි දෑ පිළිබඳව නුතන මෙන්ම අතීතයේ මිනිසාද සිය තියුණු ඇස යොමු කර ඇත.වර්තමානයේ අප භාවිත කරන ඹරලෝසුව,කැලැන්ඩරය යන උපකරන සඳහා ද මූලික පඳනම මෙයයි.තාරකා විද්‍යාව ප්‍රධාන කොටස් 02 කට බෙදිය හැක.එනම්,




 ප්‍රායෝගික තාරකා විද්‍යාව.




 නිරීක්ෂණ තාරකා විද්‍යාව.


ගැලීලියෝ ගැලිලි දුරේක්ෂයක් මගින් ග්‍රහ වස්තු නිරීක්ෂණය ඇරඹි මොහොතේ සිට තාරකා විද්යාදව පියවර ගණනාවකින් ඉදිරියට ගොස් ඇත.එසේම රොකට් තාක්ෂණය හේතුවෙන් කෘත්‍රීම චන්ද්‍රකා,අභ්‍යවකාශ යානා,පමනක් නොව එම තාක්ෂණයේ පහස ලද සෞඛ්‍ය,දුරකථන,පරිගනක,මෝටර් රථ යන අංශ සීඝ්‍ර දියුණුවක් ලබා ඇත.