විශ්වය ෙසායා ෙනානිමි ගමනක.....

විශ්වය සොයා නොනිමි ගමනක......

ආතර් සී ක්ලාක්

‍‍‍‍‍ඔහු නමින් ආතර් චාර්ල්ස් ක්ලාර්ක් ය. විදු ලොව නියමුවා හෙවත් මෑත යුගයේ පේන කියන්න ලෙස ක්ලාර්ක් මහතාව හඳුන්වමි. හෙතෙම 1917 දෙසැම්බර් මස 16 වන දින මහා බ්‍රිතාන්‍යයේ ගිනිකොණ දිග පිහිටි සමර්සෙට් හි “මයින්හෙඩ්” නම් ගම්මානයේ ජන්ම ලාබය ලැබීය.


ඔහුගේ පියා කුඩා ගොවිපලක හිමිකරුවෙකි. කුඩා ක්ලාර්ක් මහජන සේවයට යොමුවීමට මත්තෙන් ගමේ “හුයිෂ්” නම් මූලික පාසලෙන් සිය අධ්‍යාපනය ලැබීය. කුඩා කල සිටම පුංචි ක්ලාර්ක් විද්‍යාවට නැඹුරුතාවයක් දක්වමින් විවිධ වූ සොයා ගැනීම් වල නිරත විණි.

2වන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍යයින් රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් අංශයේ ස්වේච්ඡා සේවකයෙකු ලෙස ඉතා රහසිගත ලෙස හෙතෙම සේවයේ නිරත විනි. ලෝක යුද්ධය අවසන්වී සේනා විසුරවීමෙන් පසු ඔහු ලන්ඩනයේ “කිංග්ස්” පාසලට ඇතුලත් වීය. එහිදී මුල්වරට ගණිතය සහ භෞතික විද්‍යාව හැදෑරීමට ඔහුට අවස්ථාව ලැබිණි. 1940 දී ඔහු පූර්ණ කාලීන ලේඛන දිවියට ඇතුලත් වීය. විද්‍යා සාහිත්‍යය ට වැඩිම පොත් / ලිපි සංඛ්‍යාවක් ලියා ඇති ක්ලාර්ක් මහතා එතනින් ඇරඹූ සිය ලේඛන දිවියේ තේමාව කොට ගත්තේ ” සියලු විද්‍යා හා තාක්ෂණවේදයන් ‘මැජික්’ වලින් වෙන් කොට ලොවට හදුන්වා දෙමි ” යන්න යි. එතනින් ඔබ්බට විපරම් කල විට, ඔහු යුධ සමයේ දී පවා එක්තරා සඟරාවකට ලිපියක් ලියමින් අනාවැකි පල කර තිබුනේ – පෘථිවි කක්ෂෙයන් හැතැප්ම 22 000ක් ඈතින් සන්නිවේදන චන්ද්‍රකා ඉලෙක්ෙට්‍රානික සං විෂ්වය වටා පතුරුවමින් කිසියම් ස්ථාවර කක්ෂයක පැවතිය හැකි බවයි.

ඔහුගේ පොත් අතර 1954 දී ලියූ “2001 ලෝකය” කෘතිය තරම් විදුලොව වැලැඳගත් කෘතියක් තවත් මිහිපිට නොමැති තරම් ය. එයත් සමඟම ඔහුගේ දර්ශනය – චන්ද්‍රකා සන්නිවේදන තාක්ෂණය ලොවට බිහිවීමත් සමඟම ඔහුට ලොවපුරා වැදගත් කමක් ලැබෙන්නට පටන් ගත්තේ ය. එය සනාථ කිරීමට හොඳම උදාහරණය නම් සී.එන්.එන්. නිර්මාතෘ “ටෙඩ් ටියුනර්” ක්ලාර්ක් ගේ හොදම මිතුරා / අතවැසියා බවට පත් විනි. නමුත් ලෝකප්‍රකට චිත්‍රපට අධ්‍යකෂක වරයෙකු වූ ස්ටැන්ලි කුබ්‍රිමක් විසින් නිර්මාණය කල ”2001: A Space Odyssey” චිත්ර පටය ක්ලාර්ක් මහතාව ලෝකය පුරා විහිදුනු දර්ශන පතයකට ගෙනයාමට සමත් විය.

1956 දී සර්. ආතර් සී. ක්ලාක් මහතා එවකට “සිලෝන්” නම් වූ ලංකාවට පදිංචිය පිණිස පැමිණීය. එතැන් පටන් විදු ලොවට ඔහු කල සියලු සේවයන් සිදු කලේ මේ පුංචි දිවයිනේ සිට වීම පවා අපට මහත් ආඩම්බරයකි. සිය 90 වැනි ජන්ම දිනයේ දී හෙතෙම ප්‍රකාශ කර සිටියේ – “මට අවශ්‍ය කලේ ඔබේ හදවත් අතර සැමදා ලේඛකයෙකු ලෙස සිටීමටයි. පාඨකයින් පිනවීමටත් ඔවුන්ගේ සිතුවිලි මාගේ තෙලිතුඩ මතින් සිතුවමට නගන්නට යි. ” යනුවෙනි. ලොවට මෙතරම් සේවාවක් සිදුකල ක්ලාක් මහතා ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් විය. කාලයක් පුරාවට මොරටුව සරසවියේ කුලපතිවරයා වශයෙන්ද කටයුතුකල හෙතෙම 2008 මාර්තු මස 19 වන දින අප අතරින් සමු ගත්තේ ය.