විශ්වය ෙසායා ෙනානිමි ගමනක.....

විශ්වය සොයා නොනිමි ගමනක......

තරු රටා

අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තරුය.ඒ අතරින් තරු රටා ප්‍රමුඛ ස්ථානයක් ගනී.පහත හමුවන්නේ ඉන් සුවිශේෂ තරු පන්ති කිහිපයකි.






 දඩයක්කාරයා

දීප්තිමත් තරු හතරකින් යුත් තාරකා රටාවකි.පුරා වෘත්තවල සිටින දඩයක්කාරයකු නිරූපනය කරයි.මෙහි දීප්තියෙන් වැඩි තරු 02ක් ඇත.මින් රිජෙල් එක් තරුවක් වන අතර එය දඩයක්කරුගේ පාදයේ කෙලවරක පිහිටා ඇත.අනෙක් තරුව තරම ක් දීප්තියෙන් අඩු බීටල් නම් තරුවයි. මෙම තරු රටාව සමකය හරහා වැටී ඇත.



මහ බල්ලා

දඩයක්කාරයා තරු රටාව ඔස්සේ නැගෙනහිර දෙසින් පිහිටා ඇති තරු 03 අතර සීරියස් තරුව වෙයි. එය මහ බල්ලා තරු පංතියේ බල්ලාගේ හිසෙහි පිහිටා ඇත.







කුඩා බල්ලා

සීරියස් තරුවට මදක් ඉහලින් පිහිටා ඇති මෙහි ප්‍රාතසියොන් තරුව ප්‍රධාන තැනක් ගනී.


රියකරු

උතුරු අහසේ පිහිටා ඇත.මෙහි තරු පොකුරු 03ක් ඇත.කැපොල්ල තරුව මගින් මෙය පහසුවෙන් හදුනා ගත හැක.